‘හැන්සාඩ්’ ප්‍රසිද්ධ නොකරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාරව නියෝගවලට පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව පසුගිය 14, 15,16, 19,21 හා23 වැනි දිනයන්හි සිදු නොවූ බවත් ඒ පිළිබඳ හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ නොකරන ලෙසත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් ඉල්ලා සිටිති.

ව්‍යවස්ථාවට අනුව එම දිනයන්හි කටයුතු සිදු නොවුණ බවත් එම වාර්තා පිළිගත නොහැකි හෙයින් එම වාර්තා ප්‍රසිද්ධ නොකරන ලෙසත් සභානායක කාර්යාලයේ ලිපි ශිර්ෂය සහිතව මන්ත්‍රීවරුන් අත්සන් තබන ලද ලිපියක් කතානායවරයාට ඊයේ (27) යොමු කර තිබුණි.

සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක එස්. බී .දිසානායක, ඇමැතිවරුන්න නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ, විමල් වීරවංශ,උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්ද මහත්වරු මෙම ලිපියට අත්සන් යොදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *