කොළඹ මුද්දර දැක්ම ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මඟින් නවවන වතාවට සංවිධානය කරනු ලබන “කොළඹ මුද්දර දැක්ම” මුද්දර අලෙවිපොළ, දෙසැම්බර් මස 14 , 15 සහ 16 යන දිනයන්හිදී පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා, කොළඹ 10 තැපැල් මූලස්ථාන පරිශ්‍රෙය්දී පැවැත්වේ.

මේ සඳහා මුද්දර අලෙවිකරුවන් 25 දෙනෙකු පමණ සහභාගිවීමට නියමිතය.

ඔබේ විනෝදාංශ හා බැඳුනු දුර්ලභ දෙස් විදෙස් මුද්දර, කාසි, නෝට්ටු ආදී අයිතම මෙහිදී මිලදී ගැනීමට අවස්ථාව උදාවේ.

2015 වසරේ නිකුත් කරන ලද මුද්දර මිලදී ගැනීමට ඇති අවසාන මුද්දර දැක්ම ද මෙය වේ.

ජාතික තැපැල් කෞතුකාගාරය හා මුද්දර ප්‍රදර්ශනාගාරය මෙම දිනවලදී විවෘතව පවතින අතර එය නැරඹීමේ අවස්ථාවද මහජනතාවට උදාවේ.

තවද පාසල් නිවාඩු සමයේ පැවැත්වෙන මෙම මුද්දර දැක්මට පැමිණ පහසු මිළට මුද්දර මිළදී ගැනීමේ අවස්ථාව උදාකරගන්නා ලෙසට මුද්දර කාර්යාංශය පාසල් ලමුන්ට විශේෂයෙන් ආරාධනාකර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *