ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට ලංකා සතොසෙන් සහනාධාර

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය වහාම සපයන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වු පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධනඅමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා උපදෙස් ලබාදෙයි.

ලංකා සතොස හරහා මෙම ද්‍රව්‍ය ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව රුපියල් මිලියන 12ක් වටිනා ආහාර ද්‍රව්‍ය , සහනාධාර හා සනීපාරක්ෂක දෑ රැගත් ලොරි රථ 6ක් ඊයේ දිනයේ උතුරු ප්‍රදේශ වලට පිටත් කර යවා ඇත.

මේ වන විට උතුරු පළාතේ පවතින ගංවතුර හා දැඩි සුළං හේතුවෙන් පවුල් 29119 කට අයත් 91761 දෙනෙක් පීඩාවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *