කළුතර උතුරේ වෙඩි තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) – කළුතර උතුර පොලිස් වසමේ ගාලු පාර, තොටුපල හංදිය අසල වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඊයේ(02) රාත්‍රී 10.35 ට පමණ කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගාලු පාරේ හෝටලයක් ඉදිරිපිට මාර්ගයේ දී පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වෙඩි තැබීම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ ඇතැයි සදහන් වේ.

කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *