නව නාවික හමුදාපති, අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (03) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එහිදී අග්‍රාමාත්‍යතුමා වෙත නාවික හමුදාපතිතුමන් විසින් සමරු තිළිණයක් ද පිරිනමන ලද අතර එම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍යතුමාගේ ආරක්ෂක උපදේශක විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් බාලසුරිය යන මහත්වරුද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *