ඉතා දුර මන්දාකිණියකින් ලැබුණ අද්භූත සංඥාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඉතා දුර මන්දාකිණියකින් ලැබුණ අද්භූත සංඥාවක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇති බව තාරකා විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර තිබේ.ඊට අදාළ ගුවන් විදුලි තරංගයේ ස්වභාවය සහ එය ඇති වූ ආකාරය මෙතෙක් හඳුනා ගෙන නැත.

ආලෝක වර්ෂ බිලියන 1.5 ක් එපිටින් පිහිටි මූලාශ්‍රයක සිට පැමිණි FRB ලෙස සැලකෙන වේගවත් ගුවන් විදුලි තරංග 13 ක් නැවත නැවතත් විහිදීම අසාමාන්‍ය සිද්ධියක් බව එම විද්‍යාඥයෝ පවසති.

මෙම සංඥා පිළිබඳව සටහන් වී ඇත්තේ, දිනපතා උතුරු අහස සම්පූර්ණයෙන් නිරීක්ෂණය කෙරෙන කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියාහි පිහිටි CHIME නමැති දූරේක්ෂයේය. එය මීටර් 100 ක් දිගින් යුත් අර්ධ සිලින්ඩරාකාර ඇන්ටෙනා හතරකින් සමන්විත දුරේක්ෂයකි.

මීට පෙර ද එක් වරක් මෙවන් සිදුවීමක් දුරේක්ෂයකට වාර්තා වූ බව ඔවුන් අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *