රටේ හතර කොනම එජාපය සංවර්ධනය කළා- ඇමති රවි කියයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතික පක්ෂය මේ වසර කිහිපය ඇතුළත රටේ හතරකොනේම සංවර්ධනයක් ඇති කරලා තිබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්යාේපාර සංවර්ධන අමාත්යා රවී කරුණානායක මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ පසුගියදා (15) රාජගිරිය ඔබේසේකරපුර, අරුණෝදය මාවත, සුබෝධි විහාරයේ පැවති පාසල් නිල ඇදුම් සහ පාසල් උපකරණ ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.

“එක්සත් ජාතික පක්ෂය මේ වසර කිහිපය ඇතුළත රටේ හතරකොනේම සංවර්ධනයක් ඇති කරලා තිබෙනවා. නමුත් පෙනෙන්නේ එක කොටසක විතරයි මේ සංවර්ධනය ඇතිවන්නේ කියලා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. මම කෝට්ටේ අවුරුදු ගණනාවක් කටයුතු කරද්දි විශාල පෙරළියක් කළා. ඒ සීඝ්රර සංවර්ධනය තවත් ඉදිරියට ගෙනයායුතුයි. යම් තැන්වල අදටත් එය ඇනහිටලා තිබෙනවා. එදා අපි මේ ප්රපදේශ වලට මහල් නිවාස ක්රරමය හදුන්වල දුන්නට ජනතාව තවමත් ඒවා භුක්ති විදින්නේ නැහැ. මේවා තමයි රජයේ නිලධාරීන් තුළ පවතින් නිලධාරිවාදය. දේශපාලඥයින් යම් යම් දේ අදහස් කරනවා. නමුත් නිලධාරිවාදය තුළින් ඒ කටයුතු නැති කරනවා. මේක තමයි රටේ පවතින් ලොකුම ප්රඥශ්නය. අපි ඒ නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. ඒ තමයි රටේ සංවර්ධනය ඇනහිටින වැඩ කරන්නෙපා. පාට පක්ෂ ගැන සැලකිලිමත් වෙන්නෙපා. ජනතාව විසින් දේශපාලඥයෝ පත්කරද්දි, ඒ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්නයි අපි එන්නේ. නමුත් මේවා ක්රිේයාත්මක කරන්නෙ රජයේ නිලධාරීන් විසින්.“ යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කරනු ලැබුවේ “2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්රැජාතන්ත්රනවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්යාපජ ආණ්ඩුව ගෙදර අරින්න පුළුවන් වුණා. නමුත් ඒ කාලය තුළ ඇතිවූ ආර්ථික ප්රධතිවිපාක පහසුවෙන් සුවකළ නොහැකියි. ජනතාවට අවශ්යු වන්නේ කතාව නෙමෙයි ක්රි යාවයි. රටේ ගැටලු වලට චක්ර‍ලේඛ නිකුත් කරන එක නෙමෙයි කළයුත්තේ. ඒ ගැටලු ප්රා යේගිකව විසදා දියයුතුයි. අපි මෙතෙක් කාලයක් යහපාලනය කළා. නමුත් දැන් අපි දේශපාලනය කළ යුතුයි “බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *