පැය 24 ක් තුළ බීමත් රියදුරන් 284ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –අද(09) උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 286ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

බීමත් රියදුරන් අත්ඩඅංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 05වනදා සිට ආරම්භ වූ අතර එය මාසයක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව ඊයේ(08) උදෑසන 06.00 සිට අද උදෑසන 06.00 දක්වා පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 284 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ වූ දිනයේ සිට අද දිනය දක්වා රියදුරන් 1500 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *