පාස්කු ඉරිදා කාරක සභාව 24 වැනිදා මාධ්‍ය වෙත විවෘත නොවෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභාවේ ලබන 24 වැනිදා පැවැත්වෙන මීළඟ සාක්‍ෂි විමසීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය ආයතනවලට ඉඩ නොදෙන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා මාධ්‍ය වෙත පැවසීය.

එදින‍ට සාක්ෂි විමසීස සඳහා බුද්ධි අංශ ප්‍රධාන නිලධාරීන් පස්දෙනෙකු කැඳවා තිබීම හේතුවෙන් කාරක සභාවේ සාමාජිකයන් එක්ව මෙම තීරණය ගත් බවද හෙ‍තෙම කී‍ය.

ඒ අනුව එදිනට සාක්‍ෂි ලබාදීම සඳහා පැමිණෙන කිසිදු නිලධාරියෙකු ඡායාරූපගත කිරීමට හෝ වීඩියෝගත කිරීමට මාධ්‍යවලට ඉඩ ලබා නොදෙන බවද එ මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *