ආපදා අවදානම තවදුරටත් – සහන කටයුතු අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාලගුණය පිළිබඳ තවදුරටත් සැලකිලිමත් වන ලෙස අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේම සහන සැලසීමේ කටයුතු ද අඛණ්ඩවම ක්‍රියාත්මකය.

තද වැසි සහ තද සුළං ඉදිරියට ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් ඇද හැලිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. සුළං තත්ත්වයේ ද ඉහළ යාමක් තවදුරටත් ඇතිවිය හැකි බැවින් ධීවර කටයුතුවලින් වළකින ලෙස අවධාරණය කෙරේ. දැනට මුහුදු ගොස් ඇති ධීවර යාත්‍රාවලට ළගම ඇති වරායන් වෙත පැමිණෙන ලෙසයි අවධාරණය කරයි.

ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි දිවයින පුරා ආපදා කළමනාකරණ ඒකක සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. එහි 117 හදිසි දුරකතන අංකය ද ක්‍රියාත්මකය. විශේෂයෙන් නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ද සහන කටයුතු සදහා දායක වී සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *