බදුල්ලට නාය අනතුරු ඇඟවීම් තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –බදුල්ල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 කට පැනවු නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකය.

පවතින වර්ෂාවන හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. හල්දුම්මුල්ල, පස්සර සහ ඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තවදුරටත් නායයාම් අවධානමේ පවතින බවයි.

තවදුරටත් වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළවී ඇති බැවින් නායයාම් අනතුරු ඇඟවීම් පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එහි නායයාම් පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *