සුරක්ෂා රක්ෂණය – ටැබ් ව්‍යාපෘතිය තාවකාලිකව නවත්වයි

(කොළඹ, ලංකාපුවත්) –උසස්පෙළ සිසුන් සඳහා ටැබ් පරිගනක ලබාදීමේ ව්‍යාපෘතිය හා පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන තාවලිකව නැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ පැවැති කැබිනට් රැස්වීමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සංදේශයක් ඉදිරිපත් කරමින් මෙම ව්‍යාපෘති තාවකාලිකව නවතා දැමීමට අවසර ඉල්ලා ඇති අතර එයට කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඊයේ (28දා) පැවැසීය.

මෙම ව්‍යාපෘති දෙක සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඒවා විමර්ශනය කර අවසන් කරන තෙක් තාවකාලිකව එම වැඩසටහන් නැවැත්වූ බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *