කෝපා හා කෝප් ලබන සිකුරාදා රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – 08 වන පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයට අදාළව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ලබන සිකුරාදා (07) රැස්වෙයි.

මෙම කාරක සභා 02 හි සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස් වූ අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සිදු කෙරෙණු ඇත.

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව එදින ප.ව 02.00 ට රැස්වන අතර , රජයේ ගිණුම් පිළිබද කාරක සභාව එදින ප.ව 02.30 ට රැස් වෙයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) හි විධිවිධාන ප්‍රකාරව හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) හි විධිවිධාන ප්‍රකාරව, 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභා 02 හි සාමාජිකයන් පත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *