ක්‍රික් ඉන්ෆෝ සම්මාන මාලිංගට සහ කුසල් පෙරේරාට

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් 2019 වසරට අදාළ සම්මානලාභීන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා සහ ලසිත් මාලිංග ද ඇතුලත්ව සිටීම විශේෂත්වයකි.

කුසල් ජනිත් පෙරේරා වසරේ හොඳම ටෙස්ට් ඉනිමට හිමි සම්මානය මෙහිදී හිමි කර ගෙන ඇත. සටන්කාමී ඉනිමක නිරත වෙමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරඟයකදී රැස් කළ ලකුණු 153 වෙනුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබේ.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කළ සම්මාන ලැයිස්තුවේ ලසිත් මාලිංග ඉකුත් වසරේ විස්සයි විස්ස දක්ෂතම පන්දු යැවීමට හිමි සම්මානය දිනාගෙන ඇත. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පිට පිට කඩුලු 04 ක් දවා ගැනීම සහ එම තරඟයේදී ලකුණු 06 කට කඩුලු 05 ක් බිඳ හෙලීම වෙනුවෙන් ලසිත් මාලිංගට මෙම සම්මානය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *