කොවිඩ් සමඟ හෝ නැතිව ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා ඉසව්

(කොළඹ, ලංකාපුවත්) – කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා ලබන වසරේදී “කොවිඩ් සමඟ හෝ නැතිව” පවත්වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපති ජෝන් කෝට්ස් පවසයි.

ලබන වසරේ ජූලි 23 වන දින ඔලිම්පික් උළෙල ආරම්භ වන බව උප සභාපතිවරයා සදහන් කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

“කොවිඩ් ජයගත් ක්‍රීඩා” ලෙස මෙවර ටෝකියෝ ඔලිම්පික් නම් කර ඇත.

මීට පෙර 2020 ජූලි මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා කෝවිඩ් -19 වෛරස ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් කල් දැමීමට පියවර ගැණුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *