කොරෝනා ආසාදිතයින්ට රුධිර ප්ලස්මා ප්‍රතිකාර සිදු කිරීමට ඇමෙරිකාවේ අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – වෛරස ආසාදිතයින් හට රුධිර ප්ලස්මා ප්‍රතිකාර සිදු කිරිමට අමෙරිකාවේ ආහාර සහ ඖෂධ මණ්ඩලය අවසර ලබාදී තිබේ.

සුව වූ අසාදිතයෙකුගෙන් ලබා ගන්නා ප්‍රතිදේහ වෛරස ආසාදිතයකුගේ සිරුරේ තැම්පත් කිරීම මෙහිදී සිදු වේ.

එමඟින් ආසාදිතයා සුවය ලැබීමේ වේගය වැඩිවෙයි. මේ වනවිට අමෙරිකාව තුළ ආසාදිතයින් 70000 කට පමණ රුධිර ප්ලස්මා ප්‍රතිකාර ක්‍රමය සිදු කර ඇති අතර එමඟින් මරණ අනුපාතය 35% කින් පමණ පහළ බැස ඇති බව ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *