නයිජීරියාවේ පාසලකින් පැහැරගත් සිසුන් 344ක් නිදහස් කරයි

(කොළඹ, ලංකාපුවත්) –නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇතැයි වාර්තාවේ.

කස්ටිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ නිදහස් කළ දරුවන් සියලුදෙනා සුවයෙන් පසුවන බවයි.

ඔවුන් කස්ටිනා නගරය වෙත රැගෙන යන බවද පසුව දෙමාපියන් වෙත බාරදෙන බවද ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශක අබ්දුල් ලබරන් මහතා පවසයි.

දරුවන් කිසිවකු ඝාතනය කර ඇති බවට වාර්තාවී නොමැති බවද ඔහු සඳහන් කරයි.

කෙසේවුවද තවත් මාධ්‍ය වාර්තා පවසන්නේ දරුවන් පිරිසක් තවදුරටත් අත්අඩංගුවේ පසුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *