ETI අධ්‍යක්ෂ මණ්ඩලය CID අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසිනි.

ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ යන එදිරිසිංහ පවුලේ සාමාජිකයන් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. නීතිපතිවරයා විසින් නිකුත් කළ නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *