වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු කර ගෙන තිබේ.

එලැඹෙන කොදෙව් සංචාරයට යාමට නියමිතව ඔහු පුහුණුවීම් වල නිරතව සිටි අතර මේ සමඟ කොදෙව් සංචාරය සඳහා නම් කර සිටින ක්‍රීඩකයින් හට කොවිඩ් අවදානමක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

ඊයේ(21) සිදු කළ PCR පරීක්ෂණයකදී ඔහු කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

නියමිත සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාන්‍ය මෙහෙයුම් සමඟ ඉදිරියට සිදු කෙරනු ඇත.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක් සඳහා හෙට උදෑසන දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *