ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘තුරුලිය වෙනුවෙන් අපි’ව්‍යාපෘතිය සඳහා සහය දක්වයි

(කොළඹ, ලංකාපුවත්) – පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා යුදහමුදාවේ ‘තුරුලිය වෙනුවෙන් අපි’ව්‍යාපෘතියට සහය වෙමින් වනාන්තරයක අක්කර භාගයක ප්‍රමාණයක් නැවත වගාකර වසර 3 ක් යනතෙක් නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ද පසුගියදා සිය දායකත්වය ලබාදෙන ලදී.

2021 පෙබරවාරි 20 වනදින ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වන පාබල සේනාංකය විසින් පැල නැවත සිටුවීමේ ස්ථානය වන“Sinathnagar” හිදී මෙම අරමුදල් නිල වශයෙන් ශ්‍රීලංකා යුද හමුදාවට භාරදුන් අතර එම උත්සවය මන්නාරමේ දී සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්,වෘත්තීය සමිති සහ ගුවන් සමාගමේ පරිසර ඒකකයේ නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම උත්සවය නියෝජනය කළහ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි හෙක්ටයාර් 2000 ක වනාන්තරක් නැවත වගා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලද ‘තුරුලිය වෙනුවෙන් අපි’වගා වැඩසටහන සඳහා 2019 වසරේ පරිසර දිනයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්යමණ්ඩල ද සිය සහයෝගය ලබාදෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *