බස්නාහිර පාසල් විවෘත කරන දිනයන්

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය නිර්දේශ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 05 ,11 සහ 13 වසර ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු මාර්තු 15වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

සෙසු පන්ති අප්‍රේල් 19 ඇරඹීමට නියමිතය.

මේ අනුව 01 සිට 04 දක්වා වන ශ්‍රේණි, 06 සිට 10 දක්වා වන ශ්‍රේණි සහ 12 වන ශ්‍රේණියේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු අප්‍රේල් 19 ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *