ශ්‍රී ලංකාවේ නව අමෙරිකා තානාපති ලෙස ජූලී චන්ග් නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ශ්‍රී ලංකාවේ, අමෙරිකා නව තානාපති ලෙස ජූලී ජියූන් චන්ග් (Julie Jiyoon Chung) නම් කර තිබේ.

ජූලී චන්ග් මහත්මිය ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයිනේ ද තානාපති ලෙස නම් කර තිබේ.

ඇය කොරියානු ජාතිකයෙක් වන අතර මේ වන විට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ වැඩ බලන සහකාර ලේකම්වරිය ලෙස ද කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *