‘පෙරඹර හටන’ පළමු තරගය 21 දා කන්තලේ දී

ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසල හා කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල අතර ‘පෙරඹර හටන’ වාර්ෂික ක්‍රිකට් තරගය ලබන 21 දා පෙරවරු 9.30ට කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික පාසල් දෙකක් පළමු වරට පවත්වන මේ සීමිත ඕවර් ක්‍රිකට් තරගයේ සත්කාරකත්වය දරන්නේ අග්‍රබෝධි ජාතික පාසලයි. අග්‍රබෝධි ජාතික පාසලේ විදුහල්පති කැලුම් එස්.හේරත් මහතාගේ මෙයෙවීම මත නියෝජ්‍ය විදුහල්පති (විෂය සමගාමි හා සැලසුම්) අයි.ආර්.ජි.එස්.ලක්ප්‍රිය බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ මේ කණ්ඩායම පුහුණු කරන්නේ එන්.ඒ.කපිල මල්ලවාරච්චි මහතා විසිනි. විදුහලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙස ඩී.එම්.චතුරංග විශ්වනාත් මහතා කටයුතු කරයි.

ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති මේජර් උපුල් කිත්සිරි මහතාගේ මෙහෙයවිම මත නියොජ්‍ය විදුහල්පති අජිත් ප්‍රසන්න මහතාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස උෂාන් ප්‍රීප් මහතා සිංහල මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමේ පුහුණු කටයුතු සිදු කරන අතර අතුල සඳරුවන් මහතා ක්‍රීඩා භාර ආචාර්යවරයා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *