(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදී එළඹෙන මැයි දිනය සහ වෙසක් හා පොසොන් උත්සව සමයේදී පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතයෙන් වැළැකී සිටින ලෙස “නැණවත් කසළ කළමනාකරණයක් උදෙසා පුරවැසි එකතුවක් යන මැයෙන් දර්ශනපති පූජ්‍ය හැදිගල්ලේ විමලසාර හිමි ඇතුළු පාරිසරික විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සහ රසායිනික විද්‍යාඥ හේමන්ත විතානගේ යන මහත්වරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඊයේ (27) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම ඉදිරිපත් විය.
කැළි කසල හේතුවෙන් දිගුකාලීන හා කෙටි කාලීන බලපෑම් පිළිබඳ ඔවුන් අවධාරණය කළ අතර හරිත ලංකාවක් සඳහා පෙළ ගැසෙන විට පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු ආකාරය පිළිබඳ බව හේමන්ත වතානගේ මහතා පෙන්වා දුන්නේය.
විශේෂයෙන් එළඹෙන ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පවත්වන රැළි සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතය හැකිතාක් අවම කරන ලෙසත් එම කටයුතු වලින් අනතුරුව අදාළ ස්ථාන පිරිසිදු කිරීමට වගබලා ගන්නා ලෙසත් සියලුම දේශපාලන පක්ෂවලින් මෙම පිරිස ඉල්ලා සිටියහ.
වෙසක් හා පොසොන් උත්සව සමයන්හීදී සැරසිලි කටයුතුවලදී ඇතුළු සියලුම අවස්ථාවන්හීදී පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍යවලින් පූජා නගර, පූජා භූමි ආදි අපවිත්‍ර නොකිරීමට වගබලාගන්නා ලෙස බෞද්ධ ජනයාටද විමලසාර හිමියෝ මෙහිදී සිහිපත් කර සිටියහ.
දෛනික ඒක පුද්ගල කසල ජනනය ග්‍රෑම් 400 සිට කිලෝ 1 දක්වා බව පෙන්වා දුන් නාලක ගුණවර්ධන මහතා වර්ෂික ජනගහන ජනනය 1.1%ක් වන අතර කසල ජනනය 1.2ක් බව ද සඳහන් කළේය.