උතුරු මැද පළාත් සභාවේ තවත් ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරුමැද පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතා දිවුරුම් දී ඇත.

අද (17) උදෑසන පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතා ඉදිරියේදී ඔහු එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

මීට පෙර උතුරුමැද පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ එච්.බී. සේමසිංහ මහතා යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *