(කොළඹ, ලංකාපුවත්) – පසුගිය අප්‍රේල් 24 වනදා නුවරඑළියේ ධාවන තරගයෙදි හදිසි අනතුරට ලක්වු සුපිරි යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ මේවන විටත් මහනුවර මහ රෝහලේ ශල්‍යකර්ම දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරයි.
වෛද්‍යවරුන් මේවෙන විට කල හැකි උපරිමය කරමින් තිබුතත්, දැනට පසුවන තත්වය අනුව විශේෂ වෛද්‍යවරු සමග විශේෂ ගුවන් යානයකින් එම මහතාව ප්‍රතිකාර සඳහා ජපානයට රැගෙන යාමට සිදුවී ඇති අතර ඒ සඳහා දල වශයෙන් ජපන් මුදලින් (යෙන්) මිලියන 25ක් (රුපියල් ලක්ෂ 335) පමණ වැය වෙන බව ආනන්දගේ බිරිද සහ එකම දියනිය සදහන් කර තිබේ.
මේ කාර්යය සදහා අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට ඔවුන් මේවෙන විටත් අන්තර්ජාතික ප්‍රාණය බේරා දෙන්න (International SOS) සංවිධානය හරහා ක්‍රිඩා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.
රට වෙනුවෙන් ඉමහත් අභිමානයක් ගෙනදුන් මේ මිනිසා වෙනුවෙන් එම මුදල සොයා ගැනීමට ජනතා සහය පතන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරයි.
මුදල් එකතු කිරීමට විවෘත කර ඇති ගිණුමේ විස්තර :
නම : ආනන්ද වෙඩිසිංහ පදනම
බැංකුව : සම්පත් බැංකුව – කුරුණෑගල සුපිරි ශාඛාව
ගිණුම් අංකය : 0006 6000 1050
වැඩිදුර තොරතුරු – චිරන්ත අමරසිංහ,
ලේකම් – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය
දුරකථන : 0773083479