ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඇෆ්ගනිස්ථානයේ ඇගයීමට

(කොළඹ, ලංකාපුවත්) – ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳ ඇෆ්ගනිස්ථානය අගය කර සිටියි.

මේ බව අනාවරණය වූයේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති Munir Ghiosy මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ(30) පැවති අවස්ථාවේ දී ය.

එහිදී දෙරට අතර අධිකරණ පද්ධිතයේ සංවර්ධනය, නීතිමය දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳ අවදානය යොමු විය.

වත්මන් රජය අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනයථ ස්වාධීන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා ගෙනඅ ඇති පියවර පිළිබඳන අමාත්‍යවරිය විසින් තානාපතිවරයා දැනුවත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා දීර්ඝ කාලයක සිට පැවත එන බවත් එය තවදුරටත් වැඩිදියුණු කර ගැනීම සදහා කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය විය.

ශ්‍රී ලංකා රජය අධිකරණ පද්ධතිය ස්වාධීන කර නීතියේ ආධිපත්‍යය සුරක්‍සිත කිරීම සදහා ගෙන ඇති පියවර තම රටට ද ආදර්ශයක් බව තානාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *