(කොළඹ, ලංකාපුවත්) – ඉරාකයේ මොසූල් නගරයේ ඇමෙරිකාව සිදුකළ ගුවන් ප්‍රහාරවලින් මාර්තු මාසයේදී පමණක් සිවිල් වැසියන් 105දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ අයි එස් ත්‍රස්තයින් ඉලක්ක කරගෙන මෙම ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බවය. එහිදී නිසි ඉලක්ක නොමැතිව එල්ලකළ ප්‍රහාර හේතුවෙන් මෙසේ සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයක් බව ඉරාක වාර්තා සඳහන් කර ඇත.
මෙම ප්‍රහාර තමන් දියත්කළ බව අමෙරිකාව පිළිගෙන තිබේ. නමුත් තමන් කිසිසේත් සිවිල් වැසියන් ඉලක්ක නොකළ බව අමෙරිකාව සදහන් කර තිබේ.