විග්නේෂ්වරන්ගෙන් යළිත් දිවුරුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍ය වශයෙන් කටයුතු කරන සී.වී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් මුදල් හා ක‍්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ජලසම්පාදන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් අද (29) දිවුරුම් දුන්නේය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී එම දිවුරුම් දීම සිදු විය.

එසේම අනන්ති ශෂිධරන් මහත්මිය උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප‍්‍රවර්ධන අමාත්‍යවරිය වශයෙන්ද ආචාර්ය කන්දයියා සරවේෂ්වරන් මහතා උතුරු පළාත් අධ්‍යාපනය, ක‍්‍රීඩා සහ යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ද දිව්රුම් දුන්නේය.

මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එල්. ඉලංගෝවන්, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි සහ අමාත්‍යවරුන්ගේ දේශපාලන හිතවතුන්, රාජ්‍ය නිලධාරීන් සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *