සූරියවැව ක්‍රීඩාංගණය අවට වන අලි ඉවත් කිරීමට මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – මෙම ජූලි මස තුළ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ හම්බන්තොට අවට සැරිසරන වන අලි රංචු පන්නා දමන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතා විසින් දකුණු කලාපීය වන ජීවී අධ්‍යක්ෂ ප්‍රසන්න විමලදාස මහතාට උපදෙස් දී ඇත.

තිස් හයකින් යුත් වන අලි රංචුවක් ක්‍රීඩාංගණය තුළ හා ඒ අවටත්, වැවේගම මීගහජදුර, බෝගහදිවැව සහ උස්ගල යන ප්‍රදේශවල සැරිසරන බව පැවසූ අධ්‍යක්ෂවරයා, එම සතුන් ආරක්ෂිත ප්‍රදේශවලට යොමු කිරීමට කටයුතු කරන බව පැවසීය.

ජූලි මාසයේදී සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරග කීපයක් සුරියවැව අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *