ශ්‍රී ලංකාවට මයික්‍රොමැක්ස් Q3555 හදුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මයික්‍රොමැක්ස් Q3555 හඳුන්වාදෙමින් මෙට්‍රොපොලිටන් ටෙලිකොම් සර්විසස් සමාඟම මෙරට මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් ෆෝන් වෙළෙදපොලේ මයික්‍රොමැක්ස් භාවිතය තවතවත් ශක්තිමත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ කොළඹ දී මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් ෆෝන් සඳහා පවත්නා දේශීය වෙළෙදපොළ ඉල්ලූම සළකා බලමින් මෙට්‍රොපොලිටන් ටෙලිකොම් සර්විසස් ආයතනය මෙම සතියේ දී මයික්‍රොමැක්ස් ඉන්ෆොමැටික්ස් වෙතින් නවතම මාදිලියේ ස්මාර්ට් ෆෝනයක් හඳුන්වාදෙන ලදි. මෙරට හෑන්ඩ්සෙට් සහ සන්නිවේදන ඛෙදාහැරීමේ වේගවත්ම වර්ධනය වාර්තා කරන මෙට්‍රොපොලිටන් සමාගම විසින් මයික්‍රොමැක්ස් Q3555 හඳුන්වාදීම නවතම තාක්ෂණයන් පහසු මිලක් යටතේ මෙරට වෙළෙදපොළට හඳුන්වාදීම සම්බන්ධයෙන් වූ ආයතනයේ කැපවීම මනාව පිළිඹිඹු කරයි.

කල්පවත්නා උපාංග රැසකින් යුත් ස්මාර්ට් ෆෝනයක් ලෙස මෙම නවතම දුරකථනය පාරිභෝගික අවධානය දිනා ගනු ඇත. හෑන්ඩ්සෙට් උපකරණය 1.2 Ghz quad core ප්‍රොසෙසරයකින් බලගන්වා ඇති අතර 1GB RAM එකක් සමඟ පැමිණේ. එහි 2500 mAH බැටරිය සම්පූර්ණයෙන් චාර්ජ් කළ පසු දුරකථනය දින 09 ක් ක්‍රියාත්මකව තබා ගැනීමට හැකි අතර මෙය ප්‍රදේශයේ පවත්නා ජාල තත්ත්වය මත පදනම් වේ. හෑන්ඩ්සෙටි හී පවත්නා 8ඨඊ අභ්‍යන්තර මෙමරිය මයික්‍රො එස්ඩී කාඩ්පතක් හරහා 32GB දක්වා වැඩි කර ගත හැකි ය.

මෙම දුරකථනය අගල් 05 ක් පුළුල් තිරයකින් , 5 මෙගාපික්සල් ඔටෝෆෝකස් ඉදිරිපස කැමරාවකින් සහ 5 මෙගාපික්සල් ෆ්ලෑෂ් එනබල් පසුපස කැමරාවකින් සමන්විත අතර ඉතාමත් ඉහළ මට්ටමේ ජායාරූපකරණයක් සඳහා භාවිත කළ හැක. ද්විත්ව සිම් පහසුකම සමඟ පැමිණෙන මයික්‍රොමැක්ස් Q3555 දුරකථනය උස-ත‍සල ඨඡීල බ්ලුටූත් සහ 3ඨ සම්බන්ධතාවයෙන් සමන්විත වේ.

“මයික්‍රොමැක්ස් Q3555 අපි ශ්‍රී ලංකා වෙළෙදපොළට හඳුන්වාදෙන්නේ ඉතාමත් සතුටෙනි” යැයි මෙට්‍රොපොලිටන් ටෙලිකොම් සර්විසස් ආයතනයේ අධ්‍යක්ෂක සංජීව් ආරියරත්නම් මහතා පැවසුවේ ය. “මයික්‍රොමැක්ස් යනු සියළුම ජාත්‍යන්තර වෙළෙදනාම සමඟ එකටඑක ගැටෙමින් මෙරට වෙළෙදපොළට නවතම මාදිලියේ දුරකථන හඳුන්වාදෙන ජංගම දුරකථන නිෂ්පාදකයෙකි. ඇත්තවශයෙන්ම මෙම වෙළෙදනාමය මේ වන විට ශ්‍රී ලංකා වෙළෙදපොළ තුළ ඉතාමත් ඉහළ වර්ධනයක් වාර්ථා කර ඇති අතර විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් අත් කර ගෙන තිබේ.”

සියළුම මයික්‍රොමැක්ස් නිෂ්පාදන ආනයන කර මෙට්‍රොපොලිටන් ටෙලිකොම් සර්විසස් හරහා ඛෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා විදුලිසංදේශන නියාමන කොමිසමේ අනුමැතිය ලබා දී ඇත. රුපියල් 11,990 මිල කර ඇති මයික්‍රොමැක්ස් Q3555 ස්මාර්ට් ෆෝනය සියළුම මෙට්‍රොපොලිටන් වෙළදසැල් තුළින් ලබා ගත හැකි ය. මයික්‍රොමැක්ස් Q3555 ස්මාර්ට් ෆෝනයක් මිලදී ගැනීම තුළින් පාරිභෝගිකයන්ට පහත ප්‍රතිලාභ ලබා ගත හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *