විභාග අතර තුරත් පාසල් ධූමායනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාගය ආරම්භයට පෙර හා ආරම්භයෙන් පසු විභාග පැවැත්වෙන දින හැර අනෙක් දිනවල දී විභාගයට බාධා නොවන ලෙස විභාග මධ්‍යස්ථාන පිහිටි පාසල් ධූමානය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් දරුවන්ගේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා සදහන් කළේය.

ඒ අනූව අධ්‍යාපන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කරගනිමින් පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් දෙමාපියන්ගේ ද සහය ඇතිව මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

තවදුරටත් විභාගය පැවැත්වෙන වේලාවන් තුළ දී සිසුන් ඩෙංගු මදුරු දර්ෂටනයෙන් ආරක්ෂා කරගැනීම සදහා මදුරු විකර්ෂණ ආලේපන භාවිතා කිරීමට අවධානය යොමු කරන ලෙස විභාග කොමසාරිස්වරයා දෙමාපියන්ට දැනුම් දීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *