ගිරිතලේ මිරිදිය මසුන් විශාල වශයෙන් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) –ගිරිතලේ ප්‍රදේශයේ මිරිදිය මසුන් විශාල වශයෙන් මිය යමින් පවතින බව වාර්තාවේ.

අධික නියං සහිත තත්ත්වයත් සමග ජලය රත් වී මසුන් ලක්ෂ ගණනක් මෙසේ මිය යමින් තිබෙන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

ගිරිතලේ වැවේ ජල ධාරිතාව ශීඝ්‍ර ලෙස පහත වැටී තිබේ. එහි ජලය පිටතට මුදා හරින ප්‍රධාන සොරොව්වෙන් මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් එකවර පැමිණේ.

සොරොව්වේ ජලය පිටකරන ඇලේ ජලය අඩුවීම හේතුවෙන් මෙම මත්ස්‍යයින් මියයන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනු ලැබේ. ඒ සමගම ප්‍රදේශය පුරා පවතින්නේ දැඩි දුර්ගන්ධයකි.

උග්‍ර ජල හිගයක් පවතින අවස්ථාවක තිබෙන ජල ප්‍රමාණයත් මෙසේ දූෂණය වීම ගැටලුවක් බව ප්‍රදේශවාසීන් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *