යාපනයේදී වෙඩි වැදී මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳ නිල ඇඳුම නොමැතිව පොලිස් සේවයේ

(කොළඹ, ලංකාපුවත්) – යාපනය නල්ලූර් කෝවිල අසල දී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය ගිය උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර මහතාගේ බිරිද අද (16) පල්ලම පොලිස් ස්ථානයේ සේවයට වාර්තාකර තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයා මිය ගියේ යාපනය මහාධිකරණ විනිසුරු මානික්ක වාසගම් ඉලංගචේලියන්ගේ ආරක්ෂක රාජකාරි සිදු කරමින් සිටියදීය.

උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිද විවාහ වීමට පෙර කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙස කටයුතු කළාය. දෙවැනි දරුවා ලැබීමෙන් අනතුරුව ඇය සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් ඇය සේවය අතහැර ගියා සේ සලකා තිබුණි.

කෙසේ නමුත් සිය ස්වාමි පුරුෂයා රාජකාරිය අතර තුර මිය යාමත් සමග ඇය යළි පොලිස් සේවයේ පිහිටුවීමට පොලිස් කොමිසම අනුමැතිය ලබා දෙන ලදි.

මෙතෙක් නිල ඇදුමක් නොමැති බැවින් ඇය සිවිල් ඇදුමෙන් සැරසී රාජකාරි කටයුතු සිදු කරන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *