(කොළඹ, ලංකාපුවත්) – එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව uඅමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය. මීට අමතරව කුඩා ලොරි රථ හා සින්ගල් කැබ්රථ සඳහා පවතින බදු මුදල් රුපියල් ලක්ෂ 3කින් පහත දැමූ බව ද අමාත්‍යවරයා පැවසීය.
අන්තර්ජාල සේවා මත පනවා තිබූ, 10% ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් 01 වනදා සිට සම්පූර්ණයෙන් ඉවත් කරණ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.