ඇෆ්ගනිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. දකුණුදිග ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් පලාතේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඊයේ එල්ල කෙරුණි.

නවා දිස්ත්‍රික්කයේ හමුදා වාහනයක් ඉලක්ක කර කාර් බෝම්බයක් මෙලෙස පුපුරා ගියේය. ප්‍රහාරයෙන් සෙබළුන් මෙන්ම සිවිල් වැසියන් ද ජීවිතක්ෂයට පත්ව ඇත.

තලේබාන් සටන්කාමීන්ගෙන් නවා ප්‍රදේශය අත්පත් කරගත් බවට ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රකාශ කිරීමෙන් මාසයකට පසුව මෙලෙස බෝම්බය පුපුරුවා හැර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *