අමෙරිකාව යුක්‍රේනයේ යුද කටයුතුවලට ඩොලර් මිලියන 150ක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාව යුක්‍රේනයේ යුද කටයුතු සදහා ඩොලර් මිලියන 150ක ආධාර ලබාදිමට පියවර ගෙන ඇත.

කාලතුවක්කු උණ්ඩ, රේඩාර් උපකරණ හා ඉලෙක්ට්‍රෝනික ජෑමර් යන්ත්‍ර ද ඊට ඇතුළත් බව වාර්තා වේ.

මේ අතර රුසියානු හමුදාව නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රදේහ රැසක් ‍වෙත අඛණ්ඩව ‍ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව සදහන් වේ. බලධාරීන් පවස්නනේ එම ප්‍රහාර වලින් එරට ජාතික කෞතුකාගාර සංකීර්ණයක් ද විනාශ වී ඇති බවය. ‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *