ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා යළි අද සිට

(කොළඹ, ලංකාපුවත්) – ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අත්හිටුවා තිබූ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අද(09) සිට යළි ආරම්භ කෙරේ.

එක්දින සේවය හැර අනෙකුත් සාමාන්‍ය සේවය යටතේ කටයුතු පමණක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

අද දිනයේ භාර ගැනීමට කටයුතු යොදා තිබෙන්නේ මැයි 05, 06 හා 09 යන දිනයන් හිදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් සහ මැයි 05 සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත් භාරදීමට පැමිණ අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් පමණි.

මැයි 10 වන අඟහරුවාදා දින සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්යය වේ. www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස හෝ 070 7101060 වක දුරකථන අංකය ඇමතීමෙන් සේවා ලබා ගත හැකිය.

එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පරිගණක පද්ධතිය පිළිසකර කිරීමේ කටයුතු ද සිදුකෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *