තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන ඇමති මංගල කියයි

(කොළඹ, ලංකාපුවත්) –විවිධ අභියෝගවලට මුහුණ දෙමින් වුවත් පසුගිය වසරේ දී 2016 අංක 16 දරන තොරතුරු දැනගැනීමේ පනත නීතිමය ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කිරීමට හැකි වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද(28) පැවති ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දිනය සැමරීම වෙනුවෙන් “ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රායෝගික භාවිතයන්”යන මැයින් සංවිධානය කළ සමුළුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම සමුළුව වැල්ලවත්ත ග්ලෝබල් ටවර් (Global Tower) හෝටලයේදී පැවැත්විය.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ පළමුවරට තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ලෙස දැක්වීමට දැකිවීමට හැකි වූ බවය.

අද වන විට මහජනතාවට මෙම පනතේ ඇති වැදගත්කම දැනෙමින් පවතින බවත් රොෂාන් චානකගේ මවට ජනාධිපති කොමිසන් සභා වාර්තාව ලබා ගැනීමට හැකි වූයේ තොරතුරු දැනගැනීමේ පනත නිසාවෙන් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම මේ වන විට රාජ්‍ය ආයතනවල තොරතුරු නිළධාරීන් 3000ක් පමණ පත් කර ඇති බවත් ඊට අමතරව මෙම විශය සම්බන්ධයෙන් 500ක් පමණ පිරිස් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සමුළුවට එක්වෙමින් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *