දුම්රිය සීසන් එක තියෙනවා නම් අධිවේගයේ සුඛෝපභෝගි ප්‍රවාහන පහසුකම්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය වාර ප්‍රවේශ පත් ඇති සියලු මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසීය.

දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාවට මුණ පෑමට සිදුවී ඇති අපහසුතාවන් සමනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මීට අමතරව දුම්රිය වාර ප්‍රවේශ පත පෙන්වා ඕනෑම අධිවේගී මාර්ගයක ගමන්කරන සුඛෝපභෝගී බස් රථයකද ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව හෙතෙම වැඩි දුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *