වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා රොනාල්ඩෝ

(කොළඹ, ලංකාපුවත්) –රියාල් මැඩ්රිඩ් ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තේ ය.

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සංවිධානය කළ පාපන්දු සම්මාන රාත්‍රිය ඊයේ(23) එංගලන්තයේ ලන්ඩන්හීදී පැවැත්විණ.

එහිදී සම්මාන පිරිනැමුණේ, අන්තර් සමාජ පාපන්දු තරගාවලීන්වලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙනි.

මෙහීද වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ලොව ප්‍රමුඛ පෙළේ පාපන්දු කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින්ගේ නම් නිර්දේශ වී තිබිණ.

ඊට බාසිලෝනා ක්‍රීඩක ලියොනල් මෙසී , රියාල් මැඩිරිඩ් ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා නෙයිමාර් ජූනියර් යන ක්‍රීඩකයො ඇතුළත් වෙති.

එහිදී වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය රියාල් මැඩිරිඩ් ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිවිය.

ඔහු එම සම්මානය දිනා ගත්තේ, නිමා වූ වසරක කාලයක තුළදී දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙනි.

මේ අතර මෙම සම්මාන උලෙලේදී වසරේ කළමනාකරුට හිමි සම්මානය හිමිවූයේ රියාල් මැඩ්රිඩ් පුහුණුකරු ප්‍රංශයේ සිනඩීන් සිඩානාට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *