දෙසැම්බර් 15 වනදායින් පසු ගවයින් මාර්ගවලට නිදැල්ලේ මුදා නොහරින්න

(කොළඹ, ලංකාපුවත්) –දෙසැම්බර් 15 වනදායින් පසු ගවයින් මාර්ගවලට නිදැල්ලේ මුදා නොහරින ලෙසට මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටි. මාර්ගවලට ගවයින් මුදා හරින ගවයින්ගේ හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද(01)පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තවදුරටත් මෙසේද පැවසීය.

” සියලුම ගව හිමියන්ගෙන් ඉලා හිටිනවා බලපත්‍ර ඇති නැති සියලු දෙනාගෙන් දෙසැම්බර් 15වැනිදාට පෙර මහනගර සභා බල ප්‍රදේශ කොළඹ ප්‍රදේශයේ තමන්ගේ ගවයෝ තමන්ගේ ගාල් වලට ගෙනියන්න කියලා..කිසිම ගවයෙක් අයාලේ යාමකට හෝ සුසාන භූමියකට හෝ පොදු උද්‍යානයකට මුදා හැරීමෙන් වලකින්න..එහෙම වැලැක්කුවේ නැත්තන් අපි ඒ නගර සභා වල නාගරික කොමසාරිස්වරුන්ට පහසුකම් සපයනවා ගවයින් ඉවත් කරන්න..කාට හරි මේ ගවයෝ බලා ගන්න බෑයි කියලා හැගෙනවා නම් අපිට භාර දෙන්න..අපි ඒ ගොල්ලන්ව නිසි ආකාරයෙන් පාලනය කරලා නිසිආකාරයෙන් නඩත්තු කරන්න වගකීම භාර ගන්නවා..”

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *