දිලිප්ට සුබ පතන ශාරුක්

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩයේ යුග යුග හද බැඳී විශිෂ්ට රංගධර දිලිප් කුමාර් පසුගිය 11වනදා සිය 95වැනි ඡන්ම දිනය සමරන ලදි. කුමාර් උපත ලැබුවේ 1922 දී මොහම්මද් අයුබ් ඛාන් ලෙස ය.

සිනමාව වෙනුවෙන් දිලිප් කුමාර්ගේ දායකත්වය ඇගයීමට ලක් කරමින් පකිස්තානු රජය විසින් 1998 වසරේ දී එරට ඉහළම සිවිල් සම්මානය වන නිෂාන්-ඊ-ඉම්ටියාස් (Nishan-e-Imtiaz)සම්මානය ඔහුට පිදීමට පියවර ගනු ලැබීය.

මේවන විට පේෂාවාර් හි කුමාර්ගේ පැරණි නිවස ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති නමුත් ගොඩනැගිල්ල දැන් කඩා වැටී ඇති අතර එහි ඇතැම් බිත්ති සහ ප්‍රධාන ගේට්ටුව තවමත් පවති.

සිය රංගනයේ සාර්ථකත්වයට මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ද හේතු වූ බව දිලිප් වරෙක සදහන් කර තිබුණි. ශෝකාන්ත වීරයා වී සිටි ඔහු, විකට සිනමාපට රංගනයට පිවිසියේ බ්‍රිතාන්‍ය මනෝ වෛද්‍යවරයකුගේ උපදෙස්වලට අනුවය. මේලා, දේව්දාස්, අන්දාස්, ඩීඩාර්, දාග් වැනි සිනමාපටවලින් පසුව අසාද්, කොහිනූර්, නයාදෝර් වැනි සිනමාපටවල ඔහු දකින්න ලැබුණේ එබැවිනි.

දිලිප් සහ ඔහුගේ බිරිද සයිරා පුතකු ලෙසට සලකන බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ද දිලිප් කුමාර්ට සිය උණුසුම් උපන්දින සුබ පැතුම් පළ කර තිබුණි.

දිලිප් කුමාර්ගේ යළි උපත ලෙස සැලකෙන්නේ ෂාරුක් ඛාන්වය. දිලිප්ගේ ඇතැම් රංගන වින්‍යාස ෂාරුක්ගේ රංගන තුළ අපට හඳුනාගැනීමට හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *