මත්ස්‍ය ඇමට “වේක්කයා” මසුන් විශේෂයක්

(කොළඹ, ලංකාපුවත්) – මත්ස්‍ය ඇම සඳහා වේක්කයා (Milk Fish) නමැති මත්ස්‍ය විශේෂය වගා කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ බහු දින ධීවර යාත්‍රාවලින් මසුන් අල්ලා ගැනීමට භාවිත කරන ලෝන්ලයින් Long line පන්න ක්‍රමය සඳහා ඇම Bait Fish වශයෙන් යොදා ගන්නා චීනයෙන් ආනයනික දැල්ලන්ගේ මිල ගණන් ඉහළ යාම තමන්ට බරපතල ගැළුවක් බව ධීවර ප්‍රජාව විසින් පෙන්වා දීම හේතුවෙනි.

මේ වන විට චීනයෙන් ආනයනික එම දැල්ලන්ගේ මිල කිලෝ ග්‍රෑම් එකක් ඩොලර් 03 -05 දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර ප්‍රජාව සමග සාකච්ජා කළ අතර ඒ අනූව ‘වේක්කයා’ නැමැති මත්ස්‍ය විශේෂය මත්ස්‍ය ඇම වශයෙන් යොදා ගැනීමට පහසු බව ධීවර ප්‍රජාව විසින් පෙන්වා දී තිබුණි.

ඒ යටතේ, වේක්කයා මත්ස්‍ය වගා මධ්‍යස්ථානයක් බංගදෙනිය ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය NAQDA විසින් ඒ සඳහා පළමු අදියර යටතේ වැය කෙරෙන මුදල රුපියල් මිලියන 100කි.

මෙම වගා මධ්‍යස්ථානයේ ඉඩම්, වේක්කයා මත්ස්‍ය වගාසඳහා ඉදිරිපත්වන ධීවරයින්හට ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා ලබා දීමට කටයුතු යොදන බව, කී අමාත්‍යවරයා මත්ස්‍ය වගාවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මෙන්ම තාක්ෂණික සහයෝගයත්, නිෂ්පාදන අලෙවි පහසුකම් ද සැලසීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මගින් කටයුතු යොදන බවත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *