පැසිෆික් දූපත්වලින් නව වසරක් උදා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට මේ වන විට 2018 නව වසර උදා වී ඇති අතර පැසිෆික් දූපත් වන ටොංගා, සැමෝවා සහ කිරිබර්ටි යන දූපත්වලට සෙසු රටවල්වලට පළමුව 2018 නව වසර උදා වී ඇත.

ඒ අනුව පැසිෆික් දූපත් වන ටොංගා, සැමෝවා සහ කිරිබර්ටි යන දූපත්වලට ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 03.30ට පමණ නව වසර උදා වී ඇත.

ඉන් අනතුරුව නවසීලන්තයට සහ ඔස්ට්‍රේලියාවට නව වසර උදා වී ඇති අතර 2018 නව වසර අවසාන වශයෙන් උදාවන රටක් ලෙස අමෙරිකාව සැලකේ.

නව වසර සැමරීම වෙනුවෙන් ඊයේ (31) රාත්‍රිය පුරා ශ්‍රී ලංකාව ඇතුළු රටවල විවිධ සැමරුම් උත්සව පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *