ට්‍රම්ප්ගෙන් පාකිස්තානයට චෝදනා

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානයට චෝදනා එල්ල කරයි.

පාකිස්තානය ඩොලර් බිලියන ගණනක විදෙස් ආධාර ලබමින් තමන්ට අසත්‍ය ප්‍රකාශ කරන බව අමෙරිකා ජනාධිපතිවරයා මෙම වසරේ නිකුත් කළ සිය ප්‍රථම ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.

එමෙන්ම ඔවුන් ත්‍රස්තවාදීන් පෝෂණය කරන බවට ද චෝදනා කර තිබුණි. පසුගිය වසර 15ක කාලය තුළ අමෙරිකාව පාකිස්තානයට අඥාන ලෙස ඩොලර් බිලියන තිස් තුනක ආධාර ලබා දී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

අමෙරිකාවේ නායකයන් අඥානයන් ලෙස සළකා කටයුතු කරන පාකිස්තානය බොරුව හැර අන් කිසිඳු උපකාරයක් සිදුකර නොමැති බව ඔහු පවසා ඇත.

ඇෆ්ගනිස්තාන ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන්වදින අවස්ථාවලදී පාකිස්තානය ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කළ බවට ඔහු චෝදනා කරනු ලැබේ. පාකිස්තානය මීට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ අමෙරිකාවෙන් ලබාදුන් බව කියන ආධාර පිළිබඳ තොරතුරු හෙළි කිරීමට සූදානම් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *