28වනදා පැය 12ක ජලය කැපීමක්

(කොළඹ, ලංකාපුවත්) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ලබන 28 වනදා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සදහන් කරයි.

ඒ අනුව එදින පෙරවරු 09.00 සිට පස්වරු 09.00 දක්වා කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

අදාළ කාලසීමාව තුළ කැළණිය, වත්තල, බියගම, මහර, සහ ජා ඇළ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත්, පෑලියගොඩ, වත්තල,ජා ඇල සහ කටුනායක – සීදූව යන නගර සභා බල ප්‍රදේශ සඳහාත් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මීට අමතර දොම්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් දෙකටන,නාමළුව,මල්වාන, කළුකොදයාව,දෝම්පේ යන ප්‍රදේශවලටත්, ගම්පහ ප්‍රාදේශීය සභාවට අයත් ඉහළ යාගොඩ, පහල යාගොඩ, පියරත්න මාවත, වැලිවේරිය, රතුපස්වල සහ බියගම ආයෝජන කාලාපය යන ප්‍රදේශ සඳහාත් අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *