අක්‍රමවත්ව කසළ බැහැරකරන්නන්ට නීතිය දැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අක්‍රමවත්ව කසළ බැහැර කරන පුද්ගලයන් අල්ලා ගැනීමට කොළඹ නගර සභාව පොලීසියේ සහ හමුදාවේ සහය ඉල්ලා තිබේ.

අක්‍රමවත්ව කසළ බැහැර කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව කොළඹ මහනගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා පැවසීය. ඒ අනුව අද සිට වෙන් නොකරන ලද කසළ එකතු කිරීමෙන් වළකින බව කොළඹ මහනගර සභාව සදහන් කළේය.

සාර්ථක කසළ කළමනාකරණයක් සිදු කිරීමට නම්, ජනතාවගේ ආකල්පමය වෙනසක් අවශ්‍ය බව නාගරික කොමාසරිස්වරයා පෙන්වා දෙයි. ක්‍රමානුකූලව වෙන් කරන ලද කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නැති බවත්, ඒවා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන අංගනවලට හෝ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිවලට යොමු කෙරේ.

ගැටලුව පවතින්නේ වෙන් නොකරන කසළ සම්බන්ධයෙන්. පසුගිය දින කිහිපය තුළ මරදාන, මාලිගාවත්ත, බොරැල්ල, දෙමටගොඩ සහ කොම්පඤ්ඤවීදිය ආශ්‍රිත ප්‍රදේශවල කසළ එක්රැස්වී තිබුණි. එම ප්‍රදේශවල ජනතාව කසළ නිවැරදිව බැහැර නොකරන බව කොළඹ මහ නගර සභාව පැවසීය. ගැටලුවට හේතුවී ඇත්තේ ජනතාවගේ නොදැනුවත් භාවය නොව, ඒ සඳහා අවශ්‍යතාවක් නොමැතිවීමය. එම නිසා, ඒවායේ අයහපත් ප්‍රතිඵල ජනතාවට විඳීමට සිදුව ඇති බව නාගරික කොමසාරිස්වරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *