කැළණි විහාරයේ සොරා ගැන පොලිසිය විස්තර සොයයි

(කොළඹ, ලංකාපුවත්) – කැළණිය රජමහා විහාරස්ථානයේ පෞරාණික භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරු සොයා ගැනීම සදහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඉකුත් 04වනදා එම විහාරස්ථානයේ පෞරාණික භාණ්ඩ සොරා ගැනීමක් සම්බන්ධයෙන් කැළණිය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මේවන විට විමර්ශන ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිවල සැකකරුනු ලබන පුද්ගලයෙකුගේ ඡායාරූප සටහන්ව තිබේ.

එම වීඩියෝ දර්ශනද පොලිසිය විසින් අද(10) මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

මේ සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් පහත සදහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කරනු ලැබේ.

ස්ථානාධිපති දිසා අපරාධ බස්නාහිර පළාත උතුර – 071 6868675
බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසය – 011 2947780

Leave a Reply

Your email address will not be published. Required fields are marked *