(කොළඹ, ලංකාපුවත්) –වසවිසෙන් තොර ගොවිතැන නැංවීමට අදාලව කටයුතු කරන ගොවි ජනතාව ඒ සඳහා තවදුරටත් උනන්දු කරවීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අරමුණයි. ඒ අනුව වසවිසෙන් තොර කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා වන මගේ පළමු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මම හෙට (15) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2018 වසර සඳහා කාබනික වී වගාව ඇරඹීමේ මහොත්සවය අද දින (1) පෙරවරුවේ අගුනකොළපැළැස්සේ යකාගල වෙල් යායේ දී ආරම්භ කෙරිනි. එම වෙල් යායේ පිහිටි අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අයත් අක්කර දෙකක් පමණ වන කුඹුරු යායෙන් මෙම කාබනික වී වගාව ආරම්භ විය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ද සහභාගි වුහ.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා රසායනික පොහොර කෘමිනාශක භාවිතය නිසා අද අපේ රටේ ආහාර බෝගවලට විශාල ගැටළුවකට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. ඒ වගේම අපේ ගොවි මහත්වරු විශාල පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වී තිබෙනවා.
මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් තමයි අතුරලියේ රතන හාමුදුරුවෝ කාබනික වගාව ප්‍රවර්ධනයට විශාල මැදිහත්වීමකින් කටයුතු කළේ. උන්වහන්සේ ගෙන ගිය ව්‍යාපාරය නිසා ගොවීන් තුල කාබනික වගාව සම්බන්ධයෙන් විශාල උනන්දුවක් ඇති වුනා.
ඒ නිසා අද රටේ ජනතාව තුළත් කාබනික වගා නිෂ්පාදන මිල දී ගැනීමට උනන්දුවක් ඇතිවී තිබෙනවා. සාමාන්‍ය ආහාර බෝගවලට වඩා වැඩි මුදලකට කාබනික ගොවිතැන මගින් නිපදවන ආහාර බෝග අලෙවි කර ගත හැකි නිසා වර්තමානයේ එම වගාවේ නිරතවන ගොවීන්ට වැඩි අස්වැන්නක් හා ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා.
එම නිසා මගේ ඉළක්කය තමයි මම කිසිසේත්ම කාබනික වගාව ආපසු හරවන්නේ නැහැ. නිරෝගි පරපුරක් අපේ රටට අවශ්‍යයි. එමනිසා මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් වැඩ බාරගත් පසු මා විසින් ඉදිරිපත් කරන පළමුවැනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මම කාබනික වගාව ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කරනවා. වර්තමානයේ පොහොර සහනාධාරය යටතේ කාබනික ගොවීන්ට සහන හිමි වන්නේ නැහැ. ඒ නිසා මම තීරණය කළා ඔවුන්ටත් කිසියම් මුල්‍ය ප්රතිපාදනයක් ලබා දිය යුතුයි කියළා.
මම ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අපේ අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනාගේ අනුමැතිය ලැබෙයි කියළා මට බලාපොරොත්තුවක් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා කීය.